Hadabima Authority

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන බහුවිධ ආදායම් උත්පාදන විශේෂ ව්‍යාපෘතිය - හම්බන්තොට දිස්ත්‍රික්කය

 

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ක්‍රියාත්මත වැඩසටහනට සමගාමීව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක බහුවිධ ආදායම් උත්පාදන වැඩසටහන සඳහා තෝරාගත් ගොවි පවුල් 93 ක් සඳහා විවිධ උපකරණ කට්ටල බෙදා දීමේ උත්සවය පසුගිය දා තිස්සමහාරාම කාන්තා සංවිධානයේ රැස්වීම් ශාලාවේදී පැවැත් විණ.

වාරිමාර්ග, රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු  හා අපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ පෞද්ගලික ලේකම්  චන්ද්‍රා රාජපක්ෂ මැතිනියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත් වු අතර එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නියෝජ්‍ය සභාපති උපාලි බණ්ඩාර අදිත්‍ය,  විධායක අධ්‍යක්ෂ කුමුදු කරුණාරත්න යන මහත්ම මහත්මීහු හා ලුණුගම්වෙහෙර, තිස්සමහාරාමය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරු,
සහ මන්ත්‍රීහු සහභාගී වුහ.

විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ගොවි පවුල් ඒකකය ආදායම් උත්පාදන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරේ.  සෙවන ශාක තුළ මල් වගාව, ඒලවළු වගාව, තවාන් පාලනය, බිම්මල් වගාව කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන, මල් පෝච්චි සැකසීම, ආදි විෂයන් කෙරෙහි අවධානය යොමු කළ අතර සියළුම ප්‍රතිලාභීන් පුහුණු කර අවසන් කර ඇත.  මෙම ව්‍යාපෘතිය සඳහා මිලියන 8.9 ක් වියදමක් දරා ඇත.


මෙම උත්සවය හම්බන්තොට දිස්ත්‍රික්ක කළාප නිලධාරි උපේක්ෂිකා රාජපක්ෂ මිය සංවිධානය කර තිබුණි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Category: