Hadabima Authority

74 වැනි ජාතික නිදහස් දින සැමරුම


 

74 වැනි ජාතික නිදහස් දින සැමරුම යෙදී ඇති 2022.04.02 දින ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් සංවිධානය කරන ලද රුක් රෝපණ වැඩසටහන ශ්‍රී ලංකා හදබිම අධිකාරියට අයත් පල්ලේකැලේ ගොවිපල පරිශ්‍රයේ දී
අද දින (2022-02-04) ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති අමරනන්ද වීරසිංහ මැතිතුමා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික මහත්මයන්, නියෝජ්‍ය සභාපති ඒ.බි.යු.ආර්.බි.ආදිත්‍ය මහතාගේ ප්‍රධානත්වයෙන් හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ,  ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ විධායක අධ්‍යක්ෂ කේ.කේ. කරුණාරත්න මිය, නියේජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කණිෂ්ක කහපොල මහතා, සහකාර අධ්‍යක්ෂ (පාලන)
ඩබ්.එම්.එච්.ටී.වීරසේකර මහතා සහකාර අධ්‍යක්ෂ (ගිණුම්) ඒ.එම්. ඩබ්.බි. තිලකරත්න මහතා, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ඉෂාණි ජයවීර මිය යන නිලධාරින් ඇතුළු හදබිම අධිකාරියේ සමස්ථ කාර්ය මණ්ඩලය (126) මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවැත් විය.

මෙම වැඩසටහන 2022.02.04 දින උදෑසන අටයි තිහේ සිට පස්වරු 2 දක්වා සිදුකෙරුණු අතර එහිදි TJC අඹ වගාව අලුතින් ආරම්භ කිරීම, කොහිල, තීරමුල්ලිය , කංකුන් , රම්පේ ,තෘණ, ඉඟුරු වගාවන් ස්ථාපනය,  දෙහි, ලෙමන්, කෙසෙල් වගාව පුනරුත්ථාපනය ,  අතුරු බෝගයක් ලෙස කිරි අල , වැල් අල ස්ථාපනය සිදු කළ අතර කාබනික පොහොර ඒකක නඩත්තු කිරීම හා දැල් ගෘහ තුළ  බඳුන්ගත වගාව සූදානම් කිරීම  ද මෙහිදි සිදු කරන ලදි.

   

     

 

   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Category: