Hadabima Authority

කෘෂිකර්ම අමාත්‍යා ගරු මහින්ද අමරවීර මැතිතුමන්ගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මකවන තරුණ කෘෂි ගම්මාන පිහිටුවීමේ වැඩපිළිවෙළේ සමාරම්භක උලෙළ 2022.06.10 වන දින

කෘෂිකර්ම අමාත්‍යා ගරු මහින්ද අමරවීර මැතිතුමන්ගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මකවන තරුණ කෘෂි ගම්මාන පිහිටුවීමේ වැඩපිළිවෙළේ සමාරම්භක උලෙළ 2022.06.10 වන දින තිස්සමහාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජූල්පල්ලම හා කාවන්තිස්සපුර වසම් කේන්ද්‍ර කරගනිමින් ගරු අමාත්‍යාතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.  මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමන්, දකුණු පළාත් සභා හිටපු අමාත්‍ය එච්. ඩබ්. ගුණසේන මැතිතුමන් හා ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ මන්ත්‍රීවරුන් හා අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල නිළධාරී මහත්ම මහත්මීන් සම්බන්ධ විය.  මේ අනුව ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ගරු සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමන් හා නියෝජ්‍ය සභාපති ඉසුරු ධනංජය මැතිතුමන්ගේ අධීක්ෂණයෙන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කණිෂ්ක කහපොල මහතා, සහකාර අධ්‍යක්ෂ (ගිණුම්) වසන්ත තිලකරත්න මහතා හා කෘෂිකර්ම සංවර්ධන නිලධාරී නිමල් තිලකරත්න මහතාගේ සහභාගිත්වයෙන් කුකුල් පැටවුන් 400ක් හා වායු රයිෆ්ල් 10ක් සඳහා ප්‍රධාන පත්‍ර සංකේතාත්මකව ගොවි පවුල් වෙත ලබා දීම සිදු කෙරිණි.  වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ කලාප නිලධාරී උපේක්ෂා රාජපක්ෂ මහත්මිය , ගිහාන් මහතා හා ඒකක කළමණාකරුවන් ලෙස  ජීවන් ජයනාත් මහතා හා මාධව ෆොන්සේකා මහතා විසින් සිදු කරයි.

   

 

ශ්‍රී ලංක හදබිම අධිකාරියට අයත් පල්ලේකැලේ ගොවිපල කුකුළු ගොවිපලක් ලෙස

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට ඉංජිනේරුමය දැනුම හා ප්‍රවේශයක් ලබා දීම සඳහා  මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශය හා ශ්‍රි ලංකා  හදබිම අධිකාරිය මඟින් එලැබි අවබෝධතා ගිවිසුමට අනුව  පල්ලෙකැළේ  ගොවිපොළ  කුකුළු ගොවිපොළක් ලෙස තව දුරටත් වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් එම ඉදිකිරීම් ආරම්භ කිරීමේ කටයුතු 2023.05.10 වන දින උදෑසන යෙදුනු සුභ නැකතින් සිදුකෙරිනි.

දැනට පල්ලෙකැලේ ගොවිපළ තුළ දෛනික බිත්තර රක්කවන ධාරිතාවය 6000ක් වන  අතර එම ප්‍රමාණය 36,000 දක්වා ඉහළ  නැංවීමත්, 700 වන මව් කිකිළි  ප්‍රමාණය 3000ක් දක්වා ඉහළ නැංවීමත්, වාර්ෂික බිත්තර නිෂ්පාදනය 60,000 සිට 250,000 දක්වා ඉහළ නැංවීමත් මෙහි අරමුණ වේ.


මෙම වැඩසටහන සඳහා ගරු සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමා, විධායක අධ්‍යක්ෂක කුමුදු කරුණාරත්න මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂක කණිෂ්ක කහපොල මහතා ඇතුළු සහකාර අධ්‍යක්ෂකවරුන්, කෘෂිකර්ම සංවර්ධන නිලධාරින් දෙපල, පල්ලෙකැලේ ගොවිපළ අධීක්ෂණ නිලධාරි, කලාප නිලධාරීන්, ගොවිපළ කලමණාකරු, අතිරේක ස්ථානභාර නිළධාරි ඇතුළු ගොවිපළ කාර්යමණ්ඩලය සහ සුළු සේවකයන් එක්වූ අතර මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශයේ මෙහෙයුම් ප්‍රධානි ඇතුළු නිලධාරීන් රැසක් මෙම සුවිශේෂී අවස්ථාව සඳහා සහභාගි වූහ.

 


 

නැකතට ඵලයක් දෙන පැළයක් සිටු වීම.......

උදාවු 2023 නව වර්ෂයේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ නැකත්වලට සමගාමීව පැළ සිටුවීමේ නැකත යෙදි තිබු 2023-04-21 වන දින පුර්ව භාග 6.38 යෙදුණු සුභ මොහොතින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ සුරතින් අගුණකොලපැලැස්සේදි සිදු වු අතර එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත්චන්ද්‍ර විතාන මැතිතුමා නියෝජ්‍ය සභාපති ඉසුරු නිසල් ධනංජය මැතිතුමා ඇතුළු අධිකාරියේ නිලධාරින් මෙම අවස්ථාවට සහභාගි වුහ.

මෙම වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් සංවිධානය කරන ලද පැල සිටුවීමේ වැඩසටහන් ප්‍රධාන කාර්යාල පරිශ්‍රය, පල්ලේකැලේ හා කොත්මලේ ගොවිපල තුළ හා ක්ෂේත්‍රයේදි විධායක අධ්‍යක්ෂ කුමුදු කරුණාරත්න මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කණිෂ්ක කහපොල මහතා ඇතුළු ඉහළ කළමණාකරණ මණ්ඩලයේ නියේජිතයින් සහභාගි වෙමින් සිදු කෙරිණි.

 

 

 

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට ඉංජිනේරුමය දැනුම හා ප්‍රවේශයක් ලබා දීම සඳහා 2023-02-28 වන දින රාජ්‍ය ආයතන දෙකක්

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට ඉංජිනේරුමය දැනුම හා ප්‍රවේශයක් ලබා දීම සඳහා 2023-02-28 වන දින රාජ්‍ය ආයතන දෙකක් වන මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය හා ශ්‍රි ලංකා  හදබිම අධිකාරිය අවබෝධතා ගිවිසුමකට එළඹුණි.  මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර මහතා හා රෝෂාන් රණසිංහ මැතිතුමන්ලාද , ජාතික හදබිම අධිකාරියේ සභාපති සරත් විතාන හා මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශයේ සභාපති ඉංජිනේරු අතුළ ගල්කැටිය යන මහත්වරු  ඇතුලු පිරිසක් සහභාගි වූහ.

මෙම ගිවිසුම යටතේ දැනට ශ්‍රි ලංකා හදබිම අධිකාරිය යටතේ පවතින පල්ලෙකැළේ හා කොත්මලේ   ගොවිපොළ දෙක සංවර්ධනයට අවශ්‍ය පියවර ගනු ඇත.

පල්ලේකැළේ ගොවිපොළ, කුකුළු ගොවිපොළක් ලෙස පවත්වා‌ගෙන  යන අතර එහි දැනට දෛනික බිත්තර රක්කවන ධාරිතාවය 6000ක් වේ. එම ප්‍රමාණය 36,000 දක්වා ඉහළ  නැංවීමත්, 700 වන මව් කිකිළි  ප්‍රමාණය 3000ක් දක්වා ඉහළ නැංවීම, වාර්ෂික බිත්තර නිෂ්පාදනය 60,000 සිට 250,000 දක්වා ඉහළ නැංවීමත් අරමුණ වේ.

එමෙන්ම දැනට මෙහි වාර්ෂික කිකිළි පැටවුන් නිෂ්පාදනය 20,000ක් වන අතර එය ලක්ෂ 02ක් දක්වා ඉහළ නැංවීමට ද යෝජනා කර ඇත.

එමෙන්ම කොත්මලේ ගොවිපොල ආරක්ෂිත ගෘහ තුල එලවළු  නිෂ්පාදනය සඳහා සංවර්ධන කිරිමටත් නියමිතය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නියෝජ්‍ය සභාපති ඉසුරු නිසල් ධනංජය මැතිතුමා, විධායක අධ්‍යක්ෂ කේ.කේ. කරුණාරත්න මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කණිෂ්ක කහපොල මහත්වරුන් මෙම අවෂ්තාවට සහභාගි වුහ.