Hadabima Authority

හදබිම අධිකාරියට අයත් පල්ලෙකැලේ ගොවිපල සදහා නව බෲඩර් නිවාසයක් ඉදිකිරීම

ලංසු සදහා ආරාධනයයි
හදබිම අධිකාරියට අයත් පල්ලෙකැලේ ගොවිපල සදහා නව බෲඩර් නිවාසයක් ඉදිකිරීම
කොන්ත්‍රාත් අංකය  2018/03

1    ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති වෙනුවෙන්, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් පහත විස්තර කෙරෙන පරිදි කුණ්ඩසාලේ, පල්ලෙකැලේ, තුරුණුසවිගම පාරේ පිහිටි පල්ලෙකැලේ හදබිම ගොවිපල හා පුහුණු මධ්‍යස්ථානය සදහා නව බෲඩර් නිවාසයක් ඉදිකිරීම සදහා යෝග්‍යතා පූර්ණ හා සුදුසුකම්ලත් ලංසුකරුවන් වෙතින් මුද්‍රාව තබන ලද ලංසු දැන් කැදවනු ලැබේ.  ඉදිකිරීම් කාලසීමාව , ආරම්භක දින සිට දින 91 ක් වේ.
2    ලංසුකරණය, ජාතික තරගකාරී ලංසුකරණ පටිපාටිය යටතේ පැවැත්වේ.

3    කොන්ත්‍රාත්  ප්‍රදානය සදහා සුදුසුකම් ලැබීමට සාර්ථක ලංසුකරු අසාධු ලේඛනගත නොවී සිටිය යුත වන අතර, CIDA(ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය) හා සමග ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ - C8 ශ්‍රේණිය හෝ ඉන් ඉහල ශ්‍රේණි සදහා ලියාපදිංචි වී සිටිය යුතුය.

4    අභිලාෂී ලංසුකරුවන්හට, වැඩිදුර තොරතුරු ලබා ගැනීමත්, ලංසු ලිපිලේඛන පරික්ෂා කර බැලීමත්, ඕනෑම රාජකාරි දිනයකදී, පැය 9.00 සහ පැය 16.00 අතරතුර, ගන්නෝරුව, හදබිම ප්‍රධාන කාර්යාලයේ, සහකාර අධ්‍යක්ෂ(මුදල්) වෙතින්, සිදුකරවා ගත හැකිය.(දු.අං.  081-2389102)

5    අභිලාෂී ලංසුකරුවන් හට, ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද අංගසම්පූර්ණ ලංසු ලිපි ලේඛන කට්ටලයක්, ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ, ගිණුම් අංශයේ සරප් වෙත ආපසු නොගෙවන රු. 2500/- ක ගාස්තුවක් මුදලින් ගෙවීමෙන්, 2018-08-17 දින සිට 2018-09-06 වන දින දක්වා පෙ.ව.  9.00 සහ ප.ව. 3.00 අතරතුර මිලදී ගත හැකිය.

6    ලංසු, මුල් පිටපත හා අනු පිටපතකින් යුක්තව, සම්පූර්ණ කර, 2018-09-07 වන දින පෙ.ව. 10.00 ට හෝ ඊට පෙර ලැබෙන සේ,  “සභාපති, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව, ශ්‍රී ලංකා හදබිම අධිකාරිය, තැ.පෙ. 09, ගන්නෝරුව පාර, පේරාදෙණිය” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ලැබීමට සැලැස්විය යුතුය.  මිළ ගණන් අතින් ගෙනවිත් භාර දෙන්නේ නම් සහකාර අධ්‍යක්ෂ (මුදල්) නිල කාමරයේ තබා ඇති ප්‍රසම්පාදන බහාලනයට බහාලිය යුතුය.  ප්‍රමාද ලංසු ප්‍රතික්ෂේප කරනු ලැබේ.  ලංසු, එම ලංසු භාරගන්නා අවසාන වේලාව ඉක්මවූ වහාම, ලංසුකරුවන්ගේ හෝ නියෝජිතයින් ඉදිරියේදී විවෘත කරනු ලැබේ.

7    සියලුම ලංසු සමග රු. 40,300/- ක වටිනාකමින් යුත් සහ 2018-12-07වන දින දක්වා වලංගු ලංසු සුරක්ෂණයක්(ඇපකරයක්) ද ඉදිරිපත් කළ යුතුය.


සභාපති
දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව,
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය, ගන්නෝරුව පාර,
පේරාදෙණිය.

ලිපිය භාගත කරගැනීම

Download