ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

ගරු නියෝජ්‍ය ඇමතිතුමන්ගේ පණිවිඩය

දේශයේ කෘෂි අංශය නඟා සිටුවීම සම්බන්ධයෙන් ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන් සමඟ කටයුතු කිරීමට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් මා වෙත පිරිනමන ලද මහඟු අවස්ථාව නිහතමානීව පිළිගනිමි. රටේ ශ්‍රම බලකායෙන් හතරෙන් එකකට වැඩි ප්‍රමාණයක් නියැලී සිටින එමෙන්ම ශ්‍රී  ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 40% කට වැඩි ප්‍රමාණයක් වගා කටයුතු සිදු කෙරෙන මෙම අංශය නඟා සිටුවිම සමස්ථ ජනතාවගේ සුබසාධනය පිණිස වනු නොඅනුමානය.
උතුරේ මගේ නිහතමානී පදිංචිකරුවන්ට ප්‍රණාමය පිරිනමන අතරම ශ්‍රී ලංකාවේ දකුණු දිග් භාගයේ ජන්ම ලාභය ලැබූ ජනතා පුත්‍රයෙකු වූ ගරු කෘෂිකර්ම අමාත්‍ය තුමන් සමඟ මා අත්වැල් බැඳගන්නේ දේශයේ මතු දියුණුව පිළිබඳව දැඩි විශ්වාසයකින් හා අපේක්ෂාවෙන් පෙරදැරිවය. තවද කඳු රටේ ජනතා නියෝජිතයෙකු වශයෙන් ප්‍රදේශයේ දියුණුවට අගනා දායකත්වයක් සපයා ඇති ගරු. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මැතිතුමන්ද සමඟ සමස්ථ ගොවි ප්‍රජාවගේ යහපත උදෙසා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට අපට කළ හැකි බොහෝ දේ ඇති බව මගේ අකලංක විශ්වාසයයි.
දිවා රෑ නොතකා වෙහෙස මහන්සියෙන් වගා කටයුතු වල නියැලී රටේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් කැප වී සිටින ගොවි ප්‍රජාවට අවශ්‍ය සහාය ලබා දෙමින් උචිත පරිදි නව වගා ක්‍රම හා තාක්ෂණ ක්‍රම භාවිතයට ගොවීන් දිරිමත් කරමින් ඉදිරි දශක වලදී පසුබෑම් හා පාඩු අවම කර ගැනීමට ගොවි ප්‍රජාවට සෑම අනුබලයක්ම ලබා දීමට වෙර දරමි. පළමුව ගොවිජනතාවගේ දිවිපෙවෙත යහපත් කළ යුතුය. රටේ ආර්ථිකයට ඹවුන්ගේ දායකත්වය ලබා ගත හැක්කේ ඉන් අනතුරුවය. මෙම ඉලක්ක සාක්ෂාත් කර ගැනීමෙහිලා මගේ සහෝදර ගරු. අමාත්‍යතුමන්ලා සමඟ අත්වැල් බැඳ ගනිමි.
මෙවන් භාරදූර වගකීමක් මා වෙත පැවරීම ගැනත් නිදහස් ශ්‍රී ලංකාවේ මුල් අවධියේ පටන් ශක්තිමත් ආර්ථික අඩිතාලමක වර්ධනය වන මව්බිමේ කෘෂි අංශය නඟා සිටුවීමට දායකත්වය සැපයීමට මා හට අවස්ථාව ලබා දීම ගැනත් අතිගරු ජනාධිපතිතුමන්ට මාගේ කෘතඥතාව පලකිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. එක්සත් ජාතියක් වශයෙන් හැම අතින්ම රටේ තිරසාරත්වය හා සමෘද්ධිය ළඟා කර ගැනීමට හැකි වේවා යි පතමි.

ප්‍රවර්ගය: