ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

අපගේ දැක්ම

තිරසර ඉඩම් හා ස්වභාවික සම්පත් කළමනාකරණය සඳහා වන සේවා විශිෂ්ඨත්වයක් තුල හරිත වු පරිසරයක් සරු ඵල සපිරි රටක්

අපගේ මෙහෙවර

 ඵලදායි ඉඩම් කළමණාකරණය, විධිමත් ජල සංරක්ෂණයක් හා උසස් මානව සම්පත් උපයෝජනයක් තුලින් පාරිසරික සම්පත් සංරක්ෂණය හා  කෘෂි ආර්ථිකය සව්බල ගැන්වීම සඳහා අවශ්‍ය දායකත්වය සැපයීම

තේමා ගීතය

අනුවාදනය

පුවත්

« »

මුලික පරමාර්ථ

  • ස්වභාවික සම්පත් කළමණාකරණය හා පරිසර ක‍්‍රියාකාරි කෘෂි සංස්කෘතියක් සඳහා දායක වීම
  • කෘෂිකාර්මික බෝග විවිධාංගිකරණය හා මිශ‍්‍ර වගා රටාවක් හඳුන්වා දීම.
  • ඉඩම් උපරිම ඵලධායිතාවයෙන් පවත්වාගන යාම හා වගා අස්වනු වැඩි කිරිම සඳහා මැදහත්වීම
  • කෘෂි නිෂ්පාදන ඉහල නැන්වීම දේශීය ආහාරට ගැලපෙන සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදන ප‍්‍රචලික කිරිම හා දිරි ගැන්වීම.
  • ගොවි ප‍්‍රජාව සවිබල ගැන්වීම ස්වං රැුකියා උත්පාදනය හා අලෙවි පහසුකම් වැඩි දියුණු කිරිම.
  • ආර්ථික ඒකක සංවර්ධනය වාණිජ්‍ය හා කෘෂිකාර්මික සංවර්ධනයක් කරා ගොවි ප‍්‍රජාවට මඟපෙන්වීම.

බල ප්‍රදේශ

වාණිජ්‍ය කොරටු වගා ව්‍යාපෘතිය
2014 වර්ෂයේදි මාතර දිස්ත‍්‍රික්කය තුල ක‍්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කරන ලද අරමුණ වුයේ මෙම ප‍්‍රදේශයේ ජීවත්වන ගොවීන්ගේ ප‍්‍රධාන ආදායම් මාර්ගයක් වන කොරටුවගා වැඩසටහන් තාක්ෂණික ලෙස මැදිහත්ව එම වගා කටයුතු සංවර්ධනය කිරිමයි. ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා හඳුනා ගත් ගොවු පවුල් ගණන 3000 ක් පමණ වේ.
මෙම සියළු ගොවීන් සඳහා වාණිජ්‍ය කොරටු වගා සංවර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම අධිකාරිය මඟින් ක්ෂේත‍්‍ර මට්ටමින් ක‍්‍රියාත්මක කරන ලද ගොවි පුහුණු වැඩසටහන් මඟින් ලබාදීමට කටයුතු කරන ලදි. එලෙස සෑම ගොවි පවුලකටම කොරටුවගාව සඳහා අවශ්‍ය බීජ කට්ටලයක් බැගින් නොමිලේ ලබා දෙන ලදි. මෙම ව්‍යාපෘතිය සඳහා 2014 වර්ෂයේ ක‍්‍රියාත්මක සංවර්ධන
වැඩසටහන තුලින් වෙන් කරන ලද මුදල රුපියල් මිලියන 3.450 ක් වු අතර එම මුදලින් රුපියල් මිලියන 3.311 වැය කර ව්‍යාපෘතියේ කටයුතු ඉලක්ක ගත වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දිනට පෙර අවසන් කරන ලද අතර මෙම ව්‍යාපෘතිය මඟින් ඉලක්ක ගත ප‍්‍රජාවගේ තාක්ෂණික දැනුම වර්ධනය කිරිමට හැකි වු අතර ඔවුන්ගේ ආදායම් තත්ත්වයේද වර්ධනයක් දක්නට හැකි විය.