ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට ඉංජිනේරුමය දැනුම හා ප්‍රවේශයක් ලබා දීම සඳහා 2023-02-28 වන දින රාජ්‍ය ආයතන දෙකක්

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට ඉංජිනේරුමය දැනුම හා ප්‍රවේශයක් ලබා දීම සඳහා 2023-02-28 වන දින රාජ්‍ය ආයතන දෙකක් වන මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය හා ශ්‍රි ලංකා  හදබිම අධිකාරිය අවබෝධතා ගිවිසුමකට එළඹුණි.  මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර මහතා හා රෝෂාන් රණසිංහ මැතිතුමන්ලාද , ජාතික හදබිම අධිකාරියේ සභාපති සරත් විතාන හා මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශයේ සභාපති ඉංජිනේරු අතුළ ගල්කැටිය යන මහත්වරු  ඇතුලු පිරිසක් සහභාගි වූහ.

මෙම ගිවිසුම යටතේ දැනට ශ්‍රි ලංකා හදබිම අධිකාරිය යටතේ පවතින පල්ලෙකැළේ හා කොත්මලේ   ගොවිපොළ දෙක සංවර්ධනයට අවශ්‍ය පියවර ගනු ඇත.

පල්ලේකැළේ ගොවිපොළ, කුකුළු ගොවිපොළක් ලෙස පවත්වා‌ගෙන  යන අතර එහි දැනට දෛනික බිත්තර රක්කවන ධාරිතාවය 6000ක් වේ. එම ප්‍රමාණය 36,000 දක්වා ඉහළ  නැංවීමත්, 700 වන මව් කිකිළි  ප්‍රමාණය 3000ක් දක්වා ඉහළ නැංවීම, වාර්ෂික බිත්තර නිෂ්පාදනය 60,000 සිට 250,000 දක්වා ඉහළ නැංවීමත් අරමුණ වේ.

එමෙන්ම දැනට මෙහි වාර්ෂික කිකිළි පැටවුන් නිෂ්පාදනය 20,000ක් වන අතර එය ලක්ෂ 02ක් දක්වා ඉහළ නැංවීමට ද යෝජනා කර ඇත.

එමෙන්ම කොත්මලේ ගොවිපොල ආරක්ෂිත ගෘහ තුල එලවළු  නිෂ්පාදනය සඳහා සංවර්ධන කිරිමටත් නියමිතය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නියෝජ්‍ය සභාපති ඉසුරු නිසල් ධනංජය මැතිතුමා, විධායක අධ්‍යක්ෂ කේ.කේ. කරුණාරත්න මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කණිෂ්ක කහපොල මහත්වරුන් මෙම අවෂ්තාවට සහභාගි වුහ.