ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

කෘෂිකර්ම වාරිමාර්ග, වනජීවී හා වන සම්පත් අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමාගේ සංකල්පයකට අනුව


 

කෘෂිකර්ම වාරිමාර්ග, වනජීවී හා වන සම්පත් අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය, වී අලෙවි මණ්ඩලය හා මිල්කෝ පුද්ගලික සමඟ ඒකාබද්ධව සහන මිළට සහල් හා කිරි ආශ්රිීත නිෂ්පාදන ලබා දීමේ “සේවා සත්කාර” වැඩසටහනේ සාමාරම්භක අවස්ථාව 2022-07-07 වන දින පෙ.ව 12-30 ට මාර්ගගත ක්‍රමය ඔස්සේ ආරම්භ කල අවස්ථාව.

මෙම අවස්ථාවට කෘෂිකර්ම වාරිමාර්ග, වනජීවී හා වන සම්පත් අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමා හා වී අලෙවි මණ්ඩලයේ සභාපති නිල් අස්විස් මැතිතුමා  මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම අවස්ථාවට සහභාගි වු අතර  මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන ලේකම් ගාමීණි රාජරත්න මැතිතුමා, මහනුවර දිස්ත්‍රික් දිසාපති චන්දන තෙන්නකෝන් මැතිතුමා, කර්මාන්ත ලේකම් උපාලි රණවක මහතා, ගඟවටකෝරලේ ප්‍රාදේශීය ලේකම් සම්පත් ජයසිංහ මැතිතුමා, පේරාදෙණිය ලංකා බැංකු ශාඛාවේ ප්‍රධාන කළමණාකරු සංජීය දිශානායක මහතා, කෘෂිකර්ම දේපාර්තමෙන්තුව හා අනුබද්ධ ආයතන, කඳුරට ගුවන් විදුලි සේවය, මිල්කෝ ආයතනය ආදි ආයතන නියෝජනය කරමින් නිලධාරින් මෙම අවස්ථාවට සහභාගි වුහ.

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය නියෝජනය කරමින් සභාපති  සරත් චන්ද්‍ර විතාන මැතිතුමා, විධායක අධ්‍යක්ෂ ඩබ්.එම්.කේ.කේ.කරුණාරත්න මැතිණිය ඇතුළු අධිකාරියේ ඉහළ කළමණාකරණය ඇතුළු

සියළුම නිලධාරින් මෙම අවස්ථාවට සහභාගී වුහ.

  

 

    

   
       

 

   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මානව සම්පත් ප්‍රවර්ධන පුහුණු වැඩමුළුම ................


 

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සියළුම කාර්ය මණ්ඩලය සහභාගි වු මානව සම්පත් ප්‍රවර්ධන පුහුණු වැඩසටහන 2022-06-29 හා 30 යන දෙදින තුල පැවැත් වු අවස්ථාව .........................      

 

   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

නව සභාපතිතුමා සුභ මොහොතින් වැඩභාර ගැනීම................


 

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නව සභාපතිතුමා ලෙස සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමා 2022-06-29 දින ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ දී අභිනව සභාපති ලෙස වැඩ භාරගත් අවස්ථාව

   

 b

 

 

    

   
       

 

   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මධ්‍යම පළාතේ ආහාර සුරක්ශිත කිරිම සඳහා පැල රෝපණය කිරිමේ වැඩසටහන - ශ්‍රී ලංකා හදබිම අධිකාරිය


 

2022-06-05 වන දිනට යෙදී ඇති ලෝක පරිසර දිනය වෙනුවෙන් මධ්‍යම පළාතේ ආහාර සුරක්ශිතතාවය ඇති කිරිම හා ආහාර සුලභ කිරිමේ වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන ලද පැළ රෝපණ කිරිමේ වැඩසටහන ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ඩබ්.එම්.කේ.කේ. කරුණාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් එදින කාර්යාල පරිශ්‍රෙය්දී පැවැති අවසථාව.