ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගොවි උපකරණ කට්ටල බෙදා දීම - හාරිස්පත්තුව හා ගලගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ

 

 "සෞභාග්‍යයේ "  දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව කාබනික පොහොර නිෂ්පාදනය හා ප්‍රචලිත කිරිමේ  වැඩසටහනට සමගාමීව  ශ්‍රී  ලංකා හදබිම අධිකාරියේ  ඉඩම් ඵලදායිතාවය උපරිම මට්ටමට ගෙනඒමේ  කාබනික පොහොර නිෂ්පාදන  වැඩසටහන අනුව  පොහොර නිෂ්පාදනය  කරන  ගොවීන්හට  උපකරණ කට්ටල බේදාදීමේ උත්සවය අද දින පස්වරුවේ (2021-10-30 දින)  කෘෂිකර්ම අමාත්‍ය ගරු  මහින්දානන්ද
අළුත්ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.

මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ , ප්‍රාදේශීය සභා සභාපති ආනන්ඳ ජයවිලාල්, තුන්පනේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති උපාලි සමරතුංග  මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්,   ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ඩබ්.එම්.කේ.කේ. කරුණාරත්න මිය ද සහභාගි වුහ.

මෙම අවස්ථාවේදී හාරිස්පත්තුව හා ගලගෙදර  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරා ගත් ගොවීන් 124 ක් සඳහා රුපියල් මිලියන 0.5 ක ගොවි උපකරණ කට්ටල බෙදා දෙණු ලැබිණ. කළාප කළමණාකරු ඒ.එම්. සුසන්ත මහතා, ඒකක කළමණාකරුවන් වන හර්ෂණි හේරත් හා දිලිනි ලංකාපති යන මහත්මීන් උත්සවය සංවිධානය කර තිබුණි.

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය 2020/2021 කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන අනුව මහනුවර, මාතලේ, බදුල්ල, රත්නපුර, කෑගල්ල, හම්බන්තොට හා නැගෙනහිර පළාතේ අම්පාර, ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්ක තුළ ගොවි පවුල් 16,479 දෙනෙකුට උපකරණ කට්ටල බෙදාදීමට නියමිත අතර රුපියල් මිලියන 52.1 ක වියදමක් දැරිමට අපේක්ෂිතය.  නිෂ්පාදන කිරිමට අපේක්ෂිත කාබනික පොහොර ප්‍රමාණය
මෙ.ටො. 16,479 කි. එහි වෙළඳපොල වටිනාකම රුපියල් මිලියන 329.5 කි. උපකරණ කට්ටලයට උදළු තල, උදළු මුල්ලු, සවල, රේක්ක හා මල් බාල්දි ඇතුලත් වේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

කැටපොත පිහිල්ල ක්ෂුද්‍ර ජල මුලාශ්‍රය සංරක්ෂණයට

 

කැටපොත පිහිල්ල ක්ෂුද්‍ර ජල මුලාශ්‍රය සංරක්ෂණයට

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ 2021 වර්ෂයේ ක්‍රියාත්මක වැඩසටහන් යටතේ හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සීවලි කන්ද
ග්‍රාම නිලධාරි වසමේ කැටපොත පිහිල්ල ක්ෂුද්‍ර ජල මුලාශ්‍රය සංරක්ෂණය කර ගොවි අයිතියට පවරණ ලදි.

මේ සඳහා අධිකාරිය රු.250,000/- ක වියදමක් දරා ඇත.

මෙමඟින් සෘජුව ගොවිපවුල් 25 ක පානීය ජලය හා කෘෂි ජල අවශ්‍යතාවය සැපයෙන අතර ප්‍රජා සහභාගීත්වය තුලින් ජල මුලාශ්‍රය

සංරක්ෂණය කර ඇත.

ඉදිරි නඩත්තු කටයුතු හා රුක් රෝපණ වැඩසටහන් සීවලි කන්ද නිල් දියවර ප්‍රජා සංවිධානය ඉටු කරනු ලබයි.

මහනුවර දිස්ත්‍රික්කය තුල ජල මුලාශ්‍ර සංරක්ෂණ ව්‍යාපෘති 18 ක්‍රියාත්මක වන අතර රුපියල් මිලියන 4.5 වැය කර ඇත.

කුඹුක්, මදිටිය, දියපර, සබුක්කු, පුවක් පැල, ජලකාමී අධි ශ්‍රේණියේ පැල සිටුවීමට සැලසුම් කර ඇත.

 

  

 

 

 

 

 

 

 

 

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 18 ක ගොවි පවුල් 9500 ක් ඉලක්ක කරගනිමින්

 

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 18 ක ගොවි පවුල් 9500 ක් ඉලක්ක කරගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදෙස් හා අරමුදල් මත ක්‍රියාත්මක වන අර්ධ

ගෘහාශ්‍රිත කුකුල් පාලන වැඩසටහන හා සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොල හා දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගොවි පවුල් 160 ක් සඳහා කුකුල් පැටවුන්1600 ක්

බෙදාදීම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුමන් හා ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

ගම්පල දී.මු. ජයරත්න අනුස්මණ ශාලාවේදී පසුගියදා පැවැත් වින.

එම අවස්ථාවට ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති අමරනන්ද වීරසිංහ මහතා විධායක අධ්‍යක්ෂ ඩබ්.එම්.කේ.කේ.කරුණාරත්න මහත්මිය, කළාප කළමණාකරුවන් සුනිල්

වික්‍රමගේ මහතා හා  ලක්ෂාන් අධිකාරි මහතා සහභාගී වුහ.

මෙම ව්‍යාපෘතිය මඟින් ග්‍රාමීය ගොවි ප්‍රජාවගේ පෝෂණීය තත්ත්වය නගා සිටුවීම, ආදායම් උත්පාදන ව්‍යාපෘතියක් ලෙස හා කාබනික පොහොර නිෂ්පාදනය සඳහා කුකුල් අතුරණු

ලබා ගැනීමේ මුලික කරුණු පෙරදැරිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.