ශ්‍රී ලංකා හදබිම අධිකාරිය
පාංශු සංරක්ෂණ පුහුණු වැඩසටහන
පාංශු ඛාදනය හා පාංශු හායනය හේතූවෙන් දිර්ඝ කාලයක් තුල නිසරු බිම් බවට පත්ව ඇති ඉලක්ක ගත ඉඩම් ඒකක  සංරක්ෂණය හා සංවර්ධනය කිරිම සදහා මෙම ප‍්‍රදේශ පාදක ජීවත්වන ප්‍රජාවගේ ආකල්ප වෙනස් කරමින් මේ සදහා අවශ්‍ය නව තාක්ෂණය ලබාදීම ප්‍රමුඛ කාර්යයක් ‍ලෙස හදබිම අධිකාරිය හදුණාගෙන ඇත.  ඒ අනුව ඉලක්ක ගත සෑම ගොවි පවුලක් සදහාම පාංශූ සංරක්ෂණ කටයුතූ මෙන්ම ඵලධායි ඉඩම් සංරක්ෂණය පිළිබද විධිමත් පුහුණුවක් ක්ෂේත්‍ර මට්ටමින් ලබාදිමට කටයුතු කරනු ලබයි.  ප්‍රායෝගික හා න්‍යායාත්මක ලෙස ලබා දෙනු ලබන පුහුණු වැඩමුළුවලින් වඩාත් ඵලදායි ඉඩම් පරිහරණ රටාවකට ගොවි ප්‍රජාව යොමු ගත වනු ලබන අතර වඩාත් විද්‍යානුකූල පදනමක පිහිටි මෙම ඉඩම් ඒකක තුල සංරක්ෂණ කටයුතු සිදුකිරිමට ගොවි ප්‍රජාවට හැකියාව ලැබෙනු ඇත.