ශ්‍රී ලංකා හදබිම අධිකාරිය
"මිහිසරු" කාබනික පොහොර නිෂ්පාදන හා භාවිතය ප‍්‍රචලිත කිරිමේ වැඩසටහන
රසායනික පොහොර භාවිතය 25% කින් අවම කිරිමේ ජාතික වැඩසටහනට සමගාමි ලෙස ක‍්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා මාතර දිස්ත‍්‍රික්කයෙන් තෝරා ගන්නා ලද ගොවීන් ගණන 4000 කි. ඒ අනුව මෙම ව්‍යාපෘතියේ උප ක‍්‍රියාකාරකම් ලෙස පහත සඳහන් ක‍්‍රියාකාරකම් ක‍්‍රියාත්මක කරන ලදි.

තාක්ෂණික පුහුණු වැඩසටහන

ගොවීන් 4000 ක් සඳහා කාබනික පොහොර නිෂ්පාදනය හා භාවිතය පිළිබඳ නව තාක්ෂණයන් ලබා දීම අරමුණු කරගනිමින් තාක්ෂණික පුහුණු වැඩසටහන් සංවිධානය කරන ලද අතර මෙම කාර්ය සඳහා වැය කරන ලද මුදල රුපියල් මිලියන 0.235 කි.

කෘෂි උපකරණ ලබාදීම

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අදාල ගොවීන් යොමු ගත කිරිම සඳහා කෘෂි උපකරණයක් ලෙස උදළු තලය බැගින් ලබාදීමට කටයුතු කරන ලද අතර මෙම කාර්ය සඳහා රුපියල් මිලියන 2.439 ක මුදලක් වැයකර උදළු තල ගොවීන් 4000 ක් අතරේ බෙදා දී ඇත.

කාබනික පොහොර නිෂ්පාදනය

මෙම ව්‍යාපෘතියේ මුලික ඉලක්කය වුයේ ප‍්‍රතිලාභීන් 4000 ගේ සහභාගීත්වයෙන් කාබනික පොහොර මෙට්රික් ටොන් 8000 ක් නිෂ්පාදනය කර එම ගොවීන්ගේ වගා කටයුතු සඳහා භාවිතා කිරිමයි. ඒ අනුව ඉලක්ක ගත වර්ෂය වන විට එම ඉලක්කය සපුරා ගැනීමට හැකියාව ලබුණි. මෙම සමස්ථ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 3.502 ක මුදලක් වෙන් කරන ලද අතර මෙම මුදලින් රුපියල් මිලියන 2.777 වැය කර ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරිමට කටයුතු කර ඇත.