ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

අපගේ දැක්ම

තිරසර ඉඩම් හා ස්වභාවික සම්පත් කළමනාකරණය සඳහා වන සේවා විශිෂ්ඨත්වයක් තුල හරිත වු පරිසරයක් සරු ඵල සපිරි රටක්

අපගේ මෙහෙවර

 ඵලදායි ඉඩම් කළමණාකරණය, විධිමත් ජල සංරක්ෂණයක් හා උසස් මානව සම්පත් උපයෝජනයක් තුලින් පාරිසරික සම්පත් සංරක්ෂණය හා  කෘෂි ආර්ථිකය සව්බල ගැන්වීම සඳහා අවශ්‍ය දායකත්වය සැපයීම

තේමා ගීතය

අනුවාදනය

පුවත්

« »

මුලික පරමාර්ථ

  • ස්වභාවික සම්පත් කළමණාකරණය හා පරිසර ක‍්‍රියාකාරි කෘෂි සංස්කෘතියක් සඳහා දායක වීම
  • කෘෂිකාර්මික බෝග විවිධාංගිකරණය හා මිශ‍්‍ර වගා රටාවක් හඳුන්වා දීම.
  • ඉඩම් උපරිම ඵලධායිතාවයෙන් පවත්වාගන යාම හා වගා අස්වනු වැඩි කිරිම සඳහා මැදහත්වීම
  • කෘෂි නිෂ්පාදන ඉහල නැන්වීම දේශීය ආහාරට ගැලපෙන සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදන ප‍්‍රචලික කිරිම හා දිරි ගැන්වීම.
  • ගොවි ප‍්‍රජාව සවිබල ගැන්වීම ස්වං රැුකියා උත්පාදනය හා අලෙවි පහසුකම් වැඩි දියුණු කිරිම.
  • ආර්ථික ඒකක සංවර්ධනය වාණිජ්‍ය හා කෘෂිකාර්මික සංවර්ධනයක් කරා ගොවි ප‍්‍රජාවට මඟපෙන්වීම.

බල ප්‍රදේශ

ප‍්‍රජා නායකත්ව සංවර්ධන වැඩසටහන්
ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරිම සදහා ග්‍රාමීය ප්‍රජාවගේ සහභාගීත්වය ලබා ගැනීම අරමුණු කර ගනිමින් ග්‍රාමීය සමාජයේ කුසලතාවයන් දක්ෂතාවයන්ගෙන් පිරිපුන් තරැණ තරුණියන් පිරිසක් හදුණා ගනිමින් ඔවුන් උදෙසා ප්‍රජා සහභාගීත්ව සංවර්ධන ප්‍රවේශයල සමාජ සජීවීකරණය යන ක්‍රමවේදයන් පිළිබද විධිමත් පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ග්‍රාමීය මට්ටමේ සම්බන්ධිකාරක සහායකයන් ලෙස අනුයුක්ත කරනු ලබයි.  මෙම පිරිස අධිකාරියේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන ක්ෂේත්‍ර මට්ටමින් මෙහෙය වනු ලබන ක්ෂේත්‍ර කළමණාකරුවන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙනු ලබයි.  එමගින් සංවර්ධන වැඩසටහන සදහා අවශ්‍ය ග්‍රාමීය නියෝජනය ලැබිම තුල සංවර්ධන වැඩසටහන් වඩාත් ඵලධායි ලෙසත් විනිවිධ ස්වරුපයකින් යුතුවත් සිදු කිරිම අවශ්‍ය අවකාශය ලැබේ.
ප‍්‍රජා නායකත්ව සංවර්ධනය

ඒකකය

භෞතික ඉලක්කය

ඒකකයක වටිනාකම

මුල්‍ය වටිනාකම රු.

ප‍්‍රජා දායකත්වය රු.

ආයතන දායකත්වය රු.

වැඩසටහන්

10

10,000.00

100,000.00

--

100,000.00


දිස්ත‍්‍රික් මට්ටමින් නායකත්ව පුහුණු වැඩසටහන් සංවිධානය