Hadabima Authority

திரு. பாலின்த சாகர

கௌரவ தலைவர்
ஶ்ரீ லங்கா ஹதபிம அதிகார சபை

ගරු සභාපතිතුමාගේ පණිවිඩය

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මගින් ස්ථාපිත කරන ලද නව වෙබ් පිටුව ස‍ඳහා සුභ පැතුම් පණිවිඩයක් එක් කරනු ඉතාමත් සතුටු සිතින් යුතුවය.

ගතවූ වසර 40ක ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ සංවේදීම පාරසරික කලාප තුල වූ ස්වභාවික සම්පත් මනා ලෙස කළමණාකරනය කරමින් එම ප්‍රදේශ පාදකව ජීවත්වන ප්‍රජාවගේ ජීවන මට්ටම ඉහල නැංවීම සඳහා මෙම අධිකාරිය කරන ලද සේවය ඉතාමත් අගය කල යුතුව ඇත.

පාංශු ඛාදන හා පාංශු හායනය හේතුවෙන් ආන්තික වූ ඉඩම් පද්ධති අධිකාරියේ සංවර්ධන ක්‍රියාවලිය තුලින් සංරක්ෂණය කර සංවර්ධනය කර ඵලදායි නිෂ්පාදන ඒකක බවට පරිවර්තනය කිරීම තුල ජාතික කෘෂි කිෂ්පාදන ප්‍රවාහයට ලබාදී ඇත්තේ ඉහලම දායකත්වයකි.

ගතවූ කාල පරාසය තුල කෘෂිකර්ම අමාත්‍යාංශයේ විෂය පථයට අයත්වූ මෙම අධිකාරිය නව රජයේ සංවර්ධනාත්මක දැක්මට අනුව මේවන විට ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ විෂය පථයට පත්කර ඇත. එය අධිකාරියේ ධනාත්මක හැරවුම් ලක්ෂයක් ලෙස දකින අතර ඒ තුල අධිකාරිය සඳහා නව සංවර්ධන උපාය මාර්ගයන් සලසා ගැනීමට හැකිවන බව මාගේ විශ්වාසයයි.

අරමුණු සඵල කර ගැනීම සඳහා සංවර්ධන සංනිවේදනය අත්‍යාවශ්‍ය මෙවලමක් වන අතර ඒ සඳහා නවීන තාක්ෂණය ගලපා ගත යුතුව ඇත. ඒ පිළිබඳ මනා අවබෝධයකින් යුතුව නව වෙබ් පිටුවක් නිර්මාණය කර එළි දැක්වීම අගය කලයුතු කාර්යයක් ලෙස මා දකිමි. ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නව වෙබ් පිටුව සඳහා මාගේ උණුසුම් සුභපැතුම් පිරිනමමි.