Hadabima Authority

චමින්ද ඒ්කනායක මහතා

විධායක අධ්‍යක්ෂ
ශ‍්‍රී ලංකා හදබිම අධිකාරිය



විධායක අධ්‍යක්ෂතුමාගේ පණිවිඩය

ශ‍්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් සුසර කරනු ලබන නව වෙබ් අඩවිය සඳහා සුභ පැතුම් පණිවිඩයක් යොමු කරනුයේ වඩාත් සතුටු සිතින්ය.
අන් කවරදාකටත් වඩා පාරිසරික සංරක්ෂණය, පාරිසරික සම්පත් කළමණාකරණය , හරිත සංවර්ධනය, ධරණීය සංවර්ධනය, යන විෂය කරනු පිළිබඳ ලොව සෑම රටක් මෙන්ම ශ‍්‍රී ලංකාවද අවධානය යොමු කරනුයේ මානව ක‍්‍රියාකාරකම් හේතුවෙන් අසමතුලිත වු පරිසර පද්ධතියක මුහණදීමට සිදුව ඇති ස්වාභාවික සම්පත් හා අපදා තත්ත්වයන් හේතුවෙන්ය. මෙම තත්ත්වය අවම කිරිමට නම් මානව සමාජය මෙම ක්ෂේත‍්‍ර පිළිබඳ දැනුමෙන් හා ආකල්පවලින් පරිපුර්ණ කරමින් සොභාදහමට එරෙහිව කටයුතු කරනු ලබන මෙම ප‍්‍රජාව ඉන් දුරස් කල යුතුව ඇත.

මෙම කාර්ය සඳහා සෘජු ලෙසම මැදිහත්වන ආයතන අතරින් ශ‍්‍රි ලංකා හදබිම අධිකාරිය සුවිශේෂි වනුයේ පරිසර සංරක්ෂණ කාර්යන් සඳහා ප‍්‍රජාවගේ සහභාගීත්වය උපරිම ලෙස උපයෝජනය කරගනිමින් ඔවුන්ගේ ආකල්ප ධානත්මකව වෙනස් කරමින් සිය මෙහෙවර ඉටු කිරිමට කටයුතු කරන නිසාවෙනි. එහිදි අවම ප‍්‍රතිලාභ ලබාදෙමින් උපරිම කාර්ය ඵලධායිතාවයක් ලබා ගැනිමට කටයුතු කිරිම අධිකාරියේ සංවර්ධන ක‍්‍රමෝපාය වී ඇත.

පාංශු ඛාදනය හා පාංශු හායනය හේතුවෙන් සරු පස අහිමිවීම ජාතික පාරිසරක ගැටළුවක් බවට පත්ව පලධායිතාවය පිරිහි ගිය පාරිසරික ලෙස සංවේදි කලාප තුල සංරක්ෂණය හා සංවර්ධනය සඳහා කැපවු මෙම ආයතනය පාරිසරික සංරක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම ආයතනය වීමට වෙර දරනුයේ අධිකාරියේ තාක්ෂණික හා තාක්ෂණික නොවන කාර්ය මණ්ඩලයේ දිර්ඝ කාලීන අත්දැකීම් හා පන්නරයන් උපයෝගි කර ගනිමින්ය.

ඒ අනුව මෙම කාර්යන් වඩාත් සර්ථක කර ගැනිමට නම් දැනුුම, ආකල්ප, තාක්ෂණය සමාජ ගත කල යුතුය. එ සඳහා සාම්ප‍්‍රධායික සන්නිවේදන ක‍්‍රමෝපායන් හා මෙවලම් වලින් බැහැර වු නව නිර්මාණාත්මක තාක්ෂණික සන්නිවේදන ක‍්‍රමෝපායන වෙත අවතීර්ණ විය යුතුය.

මෙම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා මෙවන විට ශ‍්‍රී ලංකා හදබිම අධිකාරියේ නව වෙබ් අඩවිය සුසර කිරිමට පියවර ගැනිම සතුටට කරුණකි. මෙමගින් ගොවි ප‍්‍රජාව පාසැල් දුදරුවන්ට මෙන්ම පරිසර සංරක්ෂණ ක්ෂේත‍්‍රය පිළිබඳ උනන්දු වන සෑම අයෙකුටම අවශ්‍ය දැනුම, තොරතුරු හා නව තාක්ෂණයන් ලබා ගැනීමේ ඉඩ හසර විවර වේ යැයි මා එක සිතින් ප‍්‍රාර්ථනා කරමි.