Hadabima Authority

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට ඉංජිනේරුමය දැනුම හා ප්‍රවේශයක් ලබා දීම අරමුණු කර ගනිමින් මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශය හා ශ්‍රි ලංකා හදබිම අධිකාරිය එක්ව 2023 වර්ෂයේ

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට ඉංජිනේරුමය දැනුම හා ප්‍රවේශයක් ලබා දීම අරමුණු කර ගනිමින්  මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශය හා ශ්‍රි ලංකා හදබිම අධිකාරිය එක්ව 2023 වර්ෂයේ ආරම්භ කරන ලද නවතම ව්‍යාපෘතිය මේ වන විට අදියර කිහිපයක් යටතේ නිම කරමින් පවති. මෙම කටයුතු නිරීක්ෂණය සඳහා 2023.08. 04 දින ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන් සහභාගි වූ අතර මෙම අවස්‌ථාවට ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ගරු සභාපතිතුමන්, විධායක අධ්‍යක්ෂකතුමිය, නියෝජ්‍ය අධ්‍යක්ෂක, කෘෂිකාර්ම සංවර්ධන නිළධාරීන්, පල්ලෙකැලේ ගොවිපළ කළමනාකරු සංජීව කරුණාරත්න මහතා සහ අතිරේක ගොවිපළ කලමණාකාරු පසන්ද සිල්වා මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගි විය.  

ඒ අනුව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය සතුව පවතින පල්ලෙකැලේ  ගොවිපළ සංවර්ධනය සඳහා සපයාගැනීමට නොහැකිව තිබූ  මූලික ප්‍රාග්ධනය රජයේ කිසිඳු වියදමකින් තොරව තවත් රාජ්‍ය ආයතනයක් වන මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශය සමඟ එක්ව ගොවිපළ සංවර්ධන ඉලක්ක කරා යොමු කරලිමට මේ වන විට අවස්ථාව උදා වෙමින් පවතියි.

මේ වන විට පල්ලෙකැලේ ගොවිපළෙහි  මූලික වශයෙන් දැනට පවතින බිත්තර නිෂ්පාදනය සහ කුකුළු පැටවුන් නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට අවශ්‍ය කුකුළු නිවාස ඉදිවෙමින් පවතින අතර ගොවිපළෙහි කාබනික එළවළු පළතුරු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ආරක්ෂිත ගෘහ ඉදිවෙමින් පවතින අතර ඉතා කෙටි කාලයක් තුල අත් කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව මෙහිදී ගරු අමාත්‍යතුමන්ගේ නිරීක්ෂණයට ලක්විය.


ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ගරු සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය එතුමාගේ පූර්ණ මඟපෙන්වීම යටතේ විධායක අධ්‍යක්ෂක කුමුදු කරුණාරත්න මහත්මියගේ අධීක්ෂණය මෙන්ම නියෝජ්‍ය අධ්‍යක්ෂක කණිෂ්ක කහපොළ මහතාගේ මෙහෙයවීම යටතේ ගොවිපළ කලමණාකාරු සහ අතිරේක ගොවිප
ළ කලමණාකරුගේද සහයෝගයෙන් සිදුකෙරෙන අතර සියලු ඉදිකිරීම් කටයුතු සහ මූලික පිරිවැය මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශය මඟින් දරනු ලබයි.

      

   

ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය ගරු කේ. කාදර් මස්තාන් මැතිතුමා , අමාත්‍යාංශ නිලධාරින් ,

ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය ගරු කේ. කාදර් මස්තාන් මැතිතුමා , අමාත්‍යාංශ නිලධාරින් ,   රයිසු ඩීන් මහතා (පොද්ගලික ලේකම්) , රංජිත් විකුම්ලාල් බුලත්සිංහල මහතා  (සම්බන්ධීකරණ ලේකම්)  ඇතුළු නිලධාරින් 2023.06.15 අද දින ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නිල සංචාරයක් සිදු  කල අතර ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභපතිතුමා සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමා ,  විධායක අධ්‍යක්ෂ කේ.කේ. කරුණාරත්න මිය ඇතුළු අධිකාරියේ ඉහල කළමණාකරණ මණ්ඩලය හා සේවක සේවිකාවන් ද ඒ අස්ථාව සඳහා සහභාගි වුහ.

      

   

කෘෂිකර්ම අමාත්‍යා ගරු මහින්ද අමරවීර මැතිතුමන්ගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මකවන තරුණ කෘෂි ගම්මාන පිහිටුවීමේ වැඩපිළිවෙළේ සමාරම්භක උලෙළ 2022.06.10 වන දින

කෘෂිකර්ම අමාත්‍යා ගරු මහින්ද අමරවීර මැතිතුමන්ගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මකවන තරුණ කෘෂි ගම්මාන පිහිටුවීමේ වැඩපිළිවෙළේ සමාරම්භක උලෙළ 2022.06.10 වන දින තිස්සමහාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජූල්පල්ලම හා කාවන්තිස්සපුර වසම් කේන්ද්‍ර කරගනිමින් ගරු අමාත්‍යාතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.  මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමන්, දකුණු පළාත් සභා හිටපු අමාත්‍ය එච්. ඩබ්. ගුණසේන මැතිතුමන් හා ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ මන්ත්‍රීවරුන් හා අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල නිළධාරී මහත්ම මහත්මීන් සම්බන්ධ විය.  මේ අනුව ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ගරු සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමන් හා නියෝජ්‍ය සභාපති ඉසුරු ධනංජය මැතිතුමන්ගේ අධීක්ෂණයෙන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කණිෂ්ක කහපොල මහතා, සහකාර අධ්‍යක්ෂ (ගිණුම්) වසන්ත තිලකරත්න මහතා හා කෘෂිකර්ම සංවර්ධන නිලධාරී නිමල් තිලකරත්න මහතාගේ සහභාගිත්වයෙන් කුකුල් පැටවුන් 400ක් හා වායු රයිෆ්ල් 10ක් සඳහා ප්‍රධාන පත්‍ර සංකේතාත්මකව ගොවි පවුල් වෙත ලබා දීම සිදු කෙරිණි.  වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ කලාප නිලධාරී උපේක්ෂා රාජපක්ෂ මහත්මිය , ගිහාන් මහතා හා ඒකක කළමණාකරුවන් ලෙස  ජීවන් ජයනාත් මහතා හා මාධව ෆොන්සේකා මහතා විසින් සිදු කරයි.

   

 

ශ්‍රී ලංක හදබිම අධිකාරියට අයත් පල්ලේකැලේ ගොවිපල කුකුළු ගොවිපලක් ලෙස

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට ඉංජිනේරුමය දැනුම හා ප්‍රවේශයක් ලබා දීම සඳහා  මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශය හා ශ්‍රි ලංකා  හදබිම අධිකාරිය මඟින් එලැබි අවබෝධතා ගිවිසුමට අනුව  පල්ලෙකැළේ  ගොවිපොළ  කුකුළු ගොවිපොළක් ලෙස තව දුරටත් වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් එම ඉදිකිරීම් ආරම්භ කිරීමේ කටයුතු 2023.05.10 වන දින උදෑසන යෙදුනු සුභ නැකතින් සිදුකෙරිනි.

දැනට පල්ලෙකැලේ ගොවිපළ තුළ දෛනික බිත්තර රක්කවන ධාරිතාවය 6000ක් වන  අතර එම ප්‍රමාණය 36,000 දක්වා ඉහළ  නැංවීමත්, 700 වන මව් කිකිළි  ප්‍රමාණය 3000ක් දක්වා ඉහළ නැංවීමත්, වාර්ෂික බිත්තර නිෂ්පාදනය 60,000 සිට 250,000 දක්වා ඉහළ නැංවීමත් මෙහි අරමුණ වේ.


මෙම වැඩසටහන සඳහා ගරු සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමා, විධායක අධ්‍යක්ෂක කුමුදු කරුණාරත්න මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂක කණිෂ්ක කහපොල මහතා ඇතුළු සහකාර අධ්‍යක්ෂකවරුන්, කෘෂිකර්ම සංවර්ධන නිලධාරින් දෙපල, පල්ලෙකැලේ ගොවිපළ අධීක්ෂණ නිලධාරි, කලාප නිලධාරීන්, ගොවිපළ කලමණාකරු, අතිරේක ස්ථානභාර නිළධාරි ඇතුළු ගොවිපළ කාර්යමණ්ඩලය සහ සුළු සේවකයන් එක්වූ අතර මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශයේ මෙහෙයුම් ප්‍රධානි ඇතුළු නිලධාරීන් රැසක් මෙම සුවිශේෂී අවස්ථාව සඳහා සහභාගි වූහ.