ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ පරිසරය .........

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ගරු සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ප්‍රධාන  කාර්යාලය පිහිටි පරිශ්‍රය හරිත පැහැ ගැන්වීම සඳහා
මෙවන විට කටයුතු සුදානම් කරමින් පවති. අවිදිමත්ව පැවැති අවට පරිසරය මේ වන විට සකස් කරමින් එළවළු බෝග වගා කරමින් වඩා විධිමත් ආකාරයකට සකස් කරමින් ඇත. මෙහි විශේෂ අවස්ථාවන්  .......... 

 

 

    

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් 2023 වර්ෂයේ වවුනියාව දිස්ත්‍රික්කයේ

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් 2023 වර්ෂයේ වවුනියාව දිස්ත්‍රික්කයේ වෙන්ගල් සෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෙරිකට්ටු ග්‍රාම නිලධාරී වසමේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන (Smart Village) වැඩසටහනට අදාල තෝරාගත් ගොවීන්ට ප්‍රථිලාභ ලබා දීම පසුගිය 2023.10.13 වන දින ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන්, ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු කාදර් මස්තාන් මැතිතුමන්, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කේ. තිලිපන් මැතිතුමන්, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්තුමන්, ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති ගරු සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමන්, වවුනියාව දිස්ත්‍රික් ලේකම්තුමන් හා සෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.


මෙම වැඩසටහන සදහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ දායකත්වය යටතේ ගෙවතු 190ක් සදහා ගෙවතු උපකරණ කට්ටල, පැල හා දියර පොහොරද, කාබනික පොහොර නිෂ්පාදනය දිරිගැන්වීම උදෙසා ගොවීන් 100ක් සදහා උපකරණ කට්ටල හා ERP පොහොර 100ක්ද, අඹ වගා කරන ගොවීන් සදහා TJC අඹ පැල සංකේතාත්මකව ලබා දීමද සිදු කරල ලදි.
මේ අවස්ථාව සදහා ශ්‍රී ලංකා හදබිම අධිකාරිය වෙනුවෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කනිෂ්ක කහපොල මහතා, කෘෂිකර්ම සංවර්ධන නිලධාරී නිමල් තිලකරත්න මහතා, කලාප නිලධාරී D.V.A දහනායක මහතා හා ඒකක කලමනාකාර හර්ෂ නුවන් මහතා සහභාගී විය.

සංවිධානය

D.V.A. දහනායක - කලාප නිලධාරී
හර්ෂ නුවන් - ඒකක කලමනාකරු

 

 

2023 වර්ෂයට අදාලව ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සංවර්ධන වැඩසටහන් සඳහා මිල ගනන් කැදවීම .........

 ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ 2023 වර්ෂයේ සංවර්ධන වැඩසටහන් සඳහා උපකරණ, සත්ත්ව ආහාර, කුකුල් පැටව් මිලදී ගැනීම හා හරිතාගාර ඉදිකිරිම සඳහා මිල ගනන් කැදවීම.

 භාගත කර ගැනීම සඳහා

    

 

      

     

රාජ්‍ය අමාත්‍යාංශ හා කළමණාකරණසේවා දෙපාර්තමේන්තු නිලධාරින්ගේ ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සිදු කල නිරික්ෂන චාරිකාව .........

 කළමණාකරණසේවා දෙපාර්තමේන්තු නිලධාරින් වන ඩී.ජි. විමලසේන මහතා (අතිරේක අධ්‍යක්ෂ ජනරාල්), රෝෂාන් ජයලක් මහතා (අධ්‍යක්ෂ), චමීර කන්නන්ගර මහතා (නියෝජ්‍ය අධ්‍යක්ෂ) , මොහාන් සමරවීඍ මහතා (සංවර්ධන නිලධාරි), අනුෂා මෙනෙවිය (විෂයභාර නිලධාරි) හා රාජ්‍ය අමාත්‍යාංශ නිලධාරින් වන යු.අයි. මධුශානි මිය (ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්) , නදිශානි පලමුරේ මෙය (විෂය භාර නිලධාරි)2023-10-15 හා 16 යන දෙදින තුළ ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නිරික්ෂණ චාරිකාවක් සිදු කල අතර මෙම අවස්ථාවට ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත්චන්ද්‍රසිරි විතාන මැතිතුමා, විධායක අධ්‍යක්ෂ වසන්ත තිලකරත්න මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කණිෂ්ක කහපොල මහතා, සහකාර අධ්‍යක්ෂ (පාලන) හෂාන් වීරසේකර මහතා , සහකාර අධ්‍යක්ෂ (ව්‍යාපෘති හා සැලසුම්)ඉෂාණි ජයවීර මහත්මිය හා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සේවක සේවිකාවන් මෙම අවස්ථාවට සහභාගි වු අතර සේවක සේවිකාවන්ගේ රාජකාරි කටයුතු පිළිබඳ නිරික්ෂණය කළ අතර ඔවුන් සමඟ සුහද පිළිසදරකද නියැලුණි. මීට අමතරව ශ්‍රී ලංකා හදබිම අධිකාරියට අයත් පල්ලේකැලේ ගොවිපල හා කොත්මලේ ගොවිපලවල් ද නිරික්ෂණයට ලක් කරන ලදි.