ශ්‍රී ලංකා හදබිම අධිකාරිය
පාංශු සංරක්ෂණ කටයුතු
පාංශු සංරක්ෂණය පිළිබද දැනුම ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කරමින් ඉඩම්හි භූ විෂමතාවයට, පාංශු  ස්වභාවයට, ඉඩම තුල පවතින සම්පත්වලට අනුව උච්ත පාංශු සංරක්ෂණ ක‍්‍රම යෙදිම සඳහා ගොවි ප‍්‍රජාව පොළඹවනු ලබන අතර එම කාර්ය ඉටු කරනු ලබන අතර එම කාර්ය ඉටු කරනු ලබන අවස්ථාවල ප‍්‍රජා නායකයන්ගේ හා ක්ෂේත‍්‍ර කළමණාකරුවන්ගේ අධික්ෂණයට ලක්කරනු ලබන අතර එමගින් වඩාත් ඵලධායි සංරක්ෂණ ක‍්‍රම යේදීම සඳහා ගොවි ප‍්‍රජාව අනුගත කරනු ලබයි.  මෙම කාර්ය ඉටු කිරිමේ ක‍්‍රියාවලියේ නියැලෙන ශ‍්‍රී ලංකා හදබිම අධිකාරියේ සංවර්ධන වැඩසටහන් සඳහා තෝරා ගනු ලබන ගොවීන් සඳහා දිරි දිමණාවක් ලෙස හෙක්ටෙයාර් 01 ක් සඳහා රුපියල් 7500/- ක මුදලක් ගොවි ප‍්‍රජාවට ලබාදීමට කටයුතු කරන ලදි.  නිර්දේශ ලෙස හෙක්ටෙයාර්ස් 01 පාංශු සංරක්ෂණ කටයුතු කිරිම සඳහා රු.50000.00 - රු.75000.00 ක් වැනි ශ‍්‍රම සම්පතක් ආයෝජනය වන නමුදු අධිකාරිය විසින් ලබාදෙන මෙම මුදලින් 10% වැනි ප‍්‍රමාණයකි.  මෙම කාර්ය ඉටු කිරිමේ පාරිසරික හා කෘෂිකාර්මික වටිනාකම් පිළිබඳ ගොවීන්ගේ ආකල්ප ධනාත්මක ලෙස වර්ධනය වීම තුල මෙම කාර්ය ගොවි ප‍්‍රජාව විසින් සිදු කරනු ලබයි.  ශ‍්‍රි ලංකා හදබිම අධිකාරිය වාර්ෂික සංවර්ධන සැලසුමෙහි වැඩි මුල්‍ය ප‍්‍රතිපාදන ප‍්‍රමාණයක් වෙන්කරනු ලබන ක‍්‍රියාකාරකම මෙය වේ.