ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නව සභාපතිතුමා වැඩභාර ගැනීම - 2024-11-04


 

අභිනව සභාපතිතුමාගේ වැඩභාර ගැනීම - 2024-11-04
-----------------------------------------------------
ශ්රී ලංකා හදබිම අධිකාරියේ අභිනව සභාපති ලෙස පත්වූ ආර්.ඩි. සිරිපාලන මහතා 2024.11.04 දින සභාපති ධූරයේ වැඩ භාරගත් අතර  ඉන් පසුව සභාපතිතුමා විසින් ශ්රි ලංකා හදබිම අධිකාරියේ ප්රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමින් 2024 වර්ෂයේ ප්රගතිය හා කාර්ය මණ්ඩලය සමඟ වර්තමාන තත්වය පිළිබඳ සාකච්ජා කරන ලදි.
මෙම අවස්ථාවට ශ්රී ලංකා හදබිම අධිකාරියේ වැඩබලන සභාපති ලෙස පත්ව ආ කෘෂිකර්ම අමාත්යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කරන දිස්නා රත්නසිංහ මහත්මිය ,
විධායක අධ්යක්ෂ ඒ.එම්.ඩබ්. බී. තිලකරත්න මහතා, නියෝජ්ය අධ්යක්ෂ (සංවර්ධන) කනිෂ්ක කහපොල මහතා, සහකාර අධ්යක්ෂ (පාලන) හෂාන් වීරසේකර මහතා,
සහකාර අධ්යක්ෂ (ව්යාපෘති සහ සැලසුම්) ඉෂානි ජයවීර මහත්මිය, සහකාර අධ්යක්ෂ (කෘෂිකර්ම ) නිමල් තිලකරත්න මහතා , අභ්යන්තර විගනක අවන්ති දිහානායක මිය,
පරිපාලන නිලධාරී විනීතා කෝනාර මහත්මිය , කලාප නිලධාරින් ඇතුළු අධිකාරියේ සමස්ථ කාර්ය මණ්ඩලය සහභාගී විය.

 


   

   

  

 

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නව සභාපතිතුමිය වැඩභා ගැනීම


 

2024.10.16 දින පස්වරුවේ ශ්රී ලංකා හදබිම අධිකාරියේ අභිනව සභාපති (වැ.බ.) ලෙස පත්වූ කෘෂිකර්ම අමාත්යාංශයේ පොහොර අංශයේ අධ්යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන දිස්නා රත්නසිංහ මහත්මිය විසින්
සභාපති ධූරයේ වැඩ භාරගන්නා ලදී. පසුව සභාපතිතුමිය විසින් ශ්රි ලංකා හදබිම අධිකාරියේ වර්තමාන තත්වය, 2024 වර්ෂයේ ප්රගතිය සහ 2025 වර්ෂය සඳහා පවතින සැලසුම් පිළිබඳ විධායක නිලධාරින් සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී.
මෙම අවස්ථාවට විධායක අධ්යක්ෂ (වැ/බ) ඒ.එම්.ඩබ්. බී. තිලකරත්න මහතා, නියෝජ්ය අධ්යක්ෂ (සංවර්ධන) කනිෂ්ක කහපොල මහතා, සහකාර අධ්යක්ෂ (ව්යාපෘති සහ සැලසුම්) ඉෂානි ජයවීර මහත්මිය, සහකාර අධ්යක්ෂ (කෘෂිකර්ම වැ.බ.) නිමල් තිලකරත්න මහතා සහ පරිපාලන නිලධාරී විනීතා කෝනාර මහත්මිය සහභාගී විය.


   

   

  

 

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නව විධායක අධ්‍යක්ෂ


 ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නව විධායක අධ්‍යක්ෂ (වැ/බ) ලෙස ඒ.එම්.ඩබ්.බී. තිලකරත්න මහතා 2024-06-05 දින සිට ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති ඉසුර ධනංජය මැතිතුමා
විසින් පත් කර ඇත.

 සුභ මොහොතින් සභාපති ඉසුර ධනංජය මැතිතුමා ඉදිරියේ වැඩ භාරගත් අවස්ථාව ...........

 

   

  

 

වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මැතිතතුමාගේ හදබිම නිල සංචාරය - 2024.03.27


 

 ශ්රී ලංකා හදබිම අධිකාරිය මඟින් 2024 වර්ෂයේ මහනුවර දිස්ත්රික්ය තුළ ක්රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන පිළිබඳ සාකච්ජාවක් 2024-03-27 වන අද දින වැවිලි කාර්මාන්ත රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්තේ මැතිතුමාගේ ප්රධානත්වයෙන් හා ශ්රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්රසිරි විතාන මහතාගේ සහභාගීත්වයෙන් හදබිම ප්රධාන කාර්යාලීය පරිශ්රයේදී පැවැත් විණ.

මෙම අවස්ථාව සඳහා වැවිලි කාර්මාන්ත රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්තේ මැතිතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නියෝජිතයින් හා ශ්රී ලංකා හදබිම අධිකාරියේසඳමාලි හේවගේ මහත්මිය (විධායක අධ්යක්ෂ) , කණිෂ්ක කහපොල මහතා නියෝජ්ය අධ්යක්ෂ (සංවර්ධන), වසන්ත තිලකරත්න මහතා (සහකාර අධ්යක්ෂ (මුදල්),ඉෂාණි ජයවීර මහත්මිය (සහකාර අධ්යක්ෂ (ව්යාපෘති හා සැලසුම්), විනීතා කෝණාර මහත්මිය (පරිපාලන නිලධාරි), උපුල් රංජන් ජයතිලක මහතා(කෘෂිකර්ම සංවර්ධන නිලධාරි) නිමල් තිලකරත්න මහතා (කෘෂිකර්ම සංවර්ධන නිලධාරි) හා හදබිම අධිකාරියේ නිලධාරින් මේ සඳහා සහභාගි වුහ.
2024 වර්ෂයේ ශ්රී ලංකා හදබිම අධිකාරිය මඟින් මහනුවර දිස්ත්රික්කය තුළ පාංශූ සංරක්ෂණ ව්යුහ ස්ථාපිත කිරිම, කාබනික පොහොර නිෂ්පාදනය, ජල මුලාශ්ර සංරක්ෂණය, ගෙවතුවගාව ප්රවර්ධනය, අතිරේක ආහාර ප්රවර්ධනය, වගාවන් සඳහා සතුන්ගෙන්වන හානිය අවම කිරිම, පාසල් පාරිසරික වැඩසටහන් හා අර්ධ ගෘහාශ්රිත කුකුල් පාලන වැඩසටහන්ආදි වැඩසටහන් ක්රියාත්මක කිරිම සඳහා රුපියල් මිලියන 27.45 මුදලක් වෙන් කර ඇත.